අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතගේ තීරණය පිළිබඳ අවධානය යොමුකර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අත්සන් කිරීමට සිටියද, අත්සන් නොකරන ලෙස උපදෙස් දුන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
දිවුලපිටිය ප්රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව ඊයේ (29දා) පැවසීය.
“අපේ අගමැති මෙයා හොඳ වැඩකාරයෙක් කියලා හිතාගෙන හිටපු අයම අත්සන් කරලා කියනවා මෙයාට වැඩ බෑ කියලා.
මම හිතනවා එතුමා ලොකු අමාරු තත්ත්වයක ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අයත් අත්සන් කරන්න හිටියා. අපි උපදෙස් දුන්නා අත්සන් කරන්න ඕන නෑ කියලා. මොකද විස්සක් අත්සන් කළාම ඇති ඕකට.
අපි දැන් බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා ගන්නා ක්රියාමාර්ගය මොකක්ද. එතුමාට තාම විශ්වාසය තිබෙනවාද නැද්ද කියලා එතුමා පෙන්නුම් කරන්න ඕන. ගැසට් එකෙන් එතුමා තමන්ගේ මතය ප්රකාශ කළා. මහ බැංකුවත් අගමැතිට තිබුණ තරුණ සේවා එකත් ආයෙත් පවරා ගත්තා. එතුමාටත් විශ්වාසයක් නැතෙයි කියලා තමයි බොහොම පැහැදිලිව ඒකෙන් කියන්නේ” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.