(VIDEO) රාජපක්ෂ පවුල විසින් විශාල බලතල ප්‍රමාණයක් රඳවාගෙන සිටීම සම්බන්ධව තමන් විරුද්ධ වුවද මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
රාජපක්ෂ පවුල අත්පත් කරගෙන තිබෙන බලතල ප්‍රමාණය සෙසු සියලු ඇමතිවරු අතරේ බෙදීයා යුතු බව පැවසූ නානායක්කාර මහතා, මේ දක්වා තමාගේ අමාත්‍ය ධුරයට එම බලය ඇඟිලි ගසා නැති වුවද එසේ අමාත්‍යාංශයට පවුල් බලය ඇතුළු කිරීමට උත්සාහ ගතහොත් එම පවුල පරාජය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
කොළඹ 07 පදනම් ආයතනයේ අද සවස පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
විධායක ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පවරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට පොරොන්දු වී ඇතැයිද ඇමතිවරයා පවසා සිටියේය.