ආර්ථික කළමනාකරණ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පවත්වාගෙන යෑම සම්බන්ධව ඊයේ(27දා) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට දෝෂාරෝපණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එහිදී අගමැතිවරයාට දෝෂාරෝපණය කිරීමක් සිදුනොවූ බවද ඇමතිවරයා සඳහන් කළේය.
ආර්ථික කළමනාකරණ අනුකමිටුවට මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයාගේ විරෝධය පළවූ බවද ඒ මහතා කීවේය.