මහා සංඝරත්නය පෙරටුකොට ගෙන උසාවි නියෝගයද නොකඩමින් හම්බන්තොට ජනතාව සූදානම්ව සිටියේ සාමකාමී සත්‍යග්‍රහයක නිරත වීමට බවත් 1818දී මෙන් පාවාදීමේ ගිවිසුමකින් තම ගම්බිම් විජාතිකයන්ට පවරාදීමේ ක්‍රියාදාමයකට එරෙහිව සාමකාමීව විරෝධය දැක් වූ හම්බන්තොට ජනතාවට එල්ල කළ ප්‍රහාරය දැඩි සේ හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ආණ්ඩුව කඳුළුගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාරකයන් යොදා ගනිමින් පොලීසියද යොදවා ගල් - මුල්, පොලූ- මුගුරු යොදා එජාප මැර පිරිස් යොදවා ඉතා ආමානුෂික ප්‍රහාරයක් එමපිරිසට එල්ල කර ඇති බවද හෙතෙම පැවසීය.
මහා සංඝරත්නය, මහජනතාව පමණක් නොව, අවට ගම්මානවලට වැදී කළ පහරදීම් වලින් එම නිවස්වල සිටි ගැබිණි මාතාවන්ද තුවාල ලබා රෝහල්ගත කිරීමට පවා මෙම පහරදීම මිලේච්ඡ ස්වරූපයක් ගෙන ඇති බව ඔහු කියා සිටියේය.
‘රන් බිජුලන කිකිළියක්’ වැනි අපේ මාතෘභූමිය සතු වටිනාම ජාතික සම්පතක් වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය, අපේ මුතුන් මිත්තන්ගේ ඉපැරණි සොහොන් කොත් ඇතුළු පාරම්පරික උරුමයන් සහිත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක්ද මේ ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම මේ රටේ ජනතාවට නිහඬව ඉවසා සිටිය හැකිද? යන්න ඒ මහතා ප්‍රශ්න කර සිටියි.
