කෝටි දෙකකට වැඩි ජනතාවක් ජීවත් වන මෙරට ආහාරපාන පිළිබඳ සොයාබැලීම සදහා සිටිනුයේ ආහාර පරීක්ෂවරුන් 1900ක් පමණක් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (16දා) සඳහන් කළේය.
එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, කොළඹ මහනගර සභාවට ආහාර පරීක්ෂකවරුන් 12 දෙනෙකු සිටිය යුතු වුවද ආහාර පරික්ෂකයන් එක් අයෙකු පමණක් දැනට රාජකාරි කරන බවයි.
මේ හේතුවෙන් ජනතාවට සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමට ඇති අයිතිය අහිමි වී ඇතැයිද හෙතෙම පැවසීය.
අද (16දා) දිනට යෙදෙන ලෝක ආහාර දිනය නිමිත්තෙන් කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේදී අසේල සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සත්ත්ව ආහාර සඳහා ලබාදෙන ඉතා කුඩා සහලක් අඩු මිලට සතොස හරහා පාරිභෝගිකයන්ට ලබාදෙන බවයි.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ මැදිහත්වීම මත මෙම සහල් බෙදා හරින බවත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
පිටකොටුව ප්‍රදේශයේ අලෙවි කරන පලතුරු වර්ග රසානික ද්‍රව්‍ය එන්නත් කර තිබෙන බවත්, නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් මෙම ස්ථාන වැටලීමක් සිදුනොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.