ඡන්ද මධ්‍යස්ථානයේ තිබූ ජනපතිගේ රුව ගැන ප්‍රශ්නයක්
කොළඹ මහ නගර සභාවේ පැවැති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ඡායාරූප එම ස්ථානයෙන් ඉවත්කරන්නැයි සඳහන් කළ අවස්ථාවේදී නාගරික කොමසාරිස්වරිය එම ඡායාරූප ඉවත් නොකරන්නැයි එම නිලධාරීන්ට හා නගර සභාවේ සේවකයන්ට ඊයේ (23දා) නියෝග කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු බැවින් ඡන්දය විමසන ස්ථානයේ ඔහුගේ ඡායාරූප තිබීමෙන් මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දී ඇත.
නමුත් එම ස්ථානයට පැමිණි නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කර ඇත්තේ එම ඡායාරූප ඉවත් නොකරන ලෙසයි.
මේ පිළිබඳව කළ විමසීමකදී කොළඹ නියෝජ්‍ය නගරාධිපති යූ.එල්. ටයිටස් පෙරේරා මහතා සඳහන් කළේ මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග කඩ කිරීමට නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබූ බවයි. එවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

