ඡන්ද කාලයේදී මචංලා වෙන අයුරුති ඡන්දයෙන් පසුව අමචංලා වෙන අයුරුත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් පැහැදිලි කරනු ලැබුවා. හේමචන්ද්‍ර ගුණසේකර මහතාගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (29දා) සවස සහභාගි වෙමින් ඒ ඔහු මේ බව පැහැදිලිකරනු ලැබුවා.
"හේමචන්ද්‍ර ගුණසේකර මැතිතුමා ජනතාවගේ ජීවිතයට කෙතරම් සමිප වුණාද කියලා ජනතාව දන්නවා. අද ඒ සමීප බව එතුමන්ගෙ පුතණුවන් වන හේමාල් ගුණසේකර මැතිතුමා ළඟ තියෙනවා. ජන්ද කාලෙදි හමුවෙන හැම කෙනාගෙන්ම හා මචං කොහාමද කියලා අහන්නෙ නැහැ. ඡන්ද කාලෙදි මචංලා ඡන්දෙ ඉවර වුණාට පස්සේ අමචංලා වෙනවා. ඒ නිසා මම මේ ගැන මීට වඩා කතා කරන්නෙ නැහැ." යැයි ඔහු පැවැසුවා.