ඡන්දය දින පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබා දීමේදී සේවා ස්ථානයේ සිට ඡන්ද පොළ සඳහා දුර කිලෝමීටර 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩු කාලසීමාවක් ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සේවා ස්ථානයේ සිට ඡන්ද පොළ සඳහා දුර කිලෝමීටර් 40ත්, 100ත් අතර නම්, දිනක නිවාඩුවක්ද, ඡන්දපොළ දක්වා දුර කිලෝමීටර 100ත්, 150ත් අතර නම් දින එකහමාරක නිවාඩුවක් හා ඡන්දපොළ දක්වා දුර කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබාදිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ xii වැනි පරිච්ඡේදයේ 12.3 ඡේදයේ දක්වා ඇති පරිදි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවම කාලය පැය 02කට නොඅඩු කාලයක් ලෙසද, ඡන්ද ප්‍රකාශ කිරීමට යෑම පිණිස අවශ්‍යයැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩුකිරීමක් නොමැතිව විශේෂ නිවාඩු ලබාදිය යුතු බවද දන්වා ඇත.