රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක පමණ වටිනාකමින් යුත් රන් අභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අද (12දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හලාවත පදිංචි (34) වියැති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් රන් අභරණ තොගයේ බර කිලෝ 05 කට වැඩි බවත් සැකකරු විසින් චොකලට් අසුරා තිබූ අත්බෑගයක් තුළ ඉතා සූක්ෂම ලෙස මෙම රන් අභරණ සඟවා තිබූ බවත් රේගුව පවසයි.
ලද සැකය මත සැකකරු අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂා කිරීමේදී අදාළ රන් අභරණ තොගය සොයා ගනු ලැබ තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සීදූව ප්රසාද් මුතුකුඩ