ශ්රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ංග් මහතා සිය ධුර කාලය නිමවා අද (17දා) නැවතත් චීනය බලා පිටත්ව යැමට නියමිතය.
2015 පෙබරවාරි 24 වැනිදා ඔහු ශ්රී ලංකාවේ චීන තානාපති වශයෙන් කටයුතු කළේය.
ඔහු ශ්රී ලංකාවට පත්ව ආ 20 වැනි චීන තානාපතිවරයා වෙයි.
තමාගේ ධුර කාලය තුළදී දිවයිනේ පළාත් නමයක පිහිටි දිස්ත්රික්ක 25කම සංචාරය කළ බවත් ශ්රී ලාංකීය මිතුරන් බොහොමයක් ඇති කර ගත් බවත් චීන - ලංකා සබඳතා සංවර්ධනය කිරීමට උත්සාහ කළ බවත් ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.