විදේශීය සිගරට්, ගෝඩා හා වල්ලපට්ට තොගයක් නීති විරෝධි අන්දමින් සිය සන්තකයේ තබාගත් චීන ජාතිකයන් 4 දෙනෙකු ඊයේ (17දා) කොල්ලුපිටිය පොලීසිය මගන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී විදේශීය සිගරට් 16200ක්ථ වල්ලපට්ටා ග්රෑම් 830ක් හා ගෝඩා ලීටර් 110ක සොයාගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 21,39 හා 44 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුහු අද කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර වලංගු වීසා බලපත්රයක් හා විදේශ ගමන් බලපත්රයක් නොමැතිව ශ්රි ලංකාවේ රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 4 දෙනෙකු බණ්ඩාරවෙලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17දා) රාත්රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අවුරුදු 24,25,29, හා 53 වැනි වියේ පසුවන්නන් වෙන බවත් ඔවුන් අද (18දා) බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.