1.59 PM (UPDATE)
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කළ ගායක චිලී එළැඹෙන 25 දා දක්වා දින 14ක් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අධිකරණය නියෝග කළේය.
12.20 PM
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා යටතේ ගායක චිලී (තිලංක විදූෂ) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී 57 හැවැරිදි පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම පොලීසිට පැමිණි අවස්ථාවේදී සැකකාර ගායකයා අත්අඩංගුවට පත්ව ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ 57 හැවැරිදි පුද්ගලයා තලංගම පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව සැකකාර ගායකයා අත්අඩංගුවට ගෙන තිබේ.
බිමල් ශ්‍යාමන්