චීනයේ ආයෝජන යටතේ හම්බන්තොට ඉදිකරන ලද ව්‍යාපෘති වල ප්රතිලාභ ලබාගැනීමට නම් චීන රජයේ ආයෝජන අවස්ථා හම්බන්තොට ඇති කළ යුතු බවත්, ඒ සඳහා චීන ආයෝජකයන්ට ඉඩම් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ජේ.චරිත රත්වත්තේ මහතා හම්බන්තොටදී පැවසීය.
හම්බන්තොට සිංගප්පූරු ප්‍රජා සේවා මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්වත්තේ මහතා,
'හම්බන්තොට විශාල පරිවර්තනයක් වී ඇති බව පේනවා. චීන රජයේ විවිධ ආයෝජන ණය වශයෙන් ගෙන හම්බන්තොට වරාය ඇතුළු ව්‍යාපෘති ආරම්භ කර තියනවා. ඒ ණය ගෙවිය යුතුයි. මෙම ව්‍යපෘති වල ප්‍රතිලාභය ලබා ගතයුතු වෙනවා. ඒ සඳහා ආයෝජකයන් ගෙන්වා ගත යුතු වෙනවා. ආයෝජන අවස්ථා සඳහා ඉඩම් ලබා දිය යුතුයි. ඉඩම් ලබාදීමට විරුද්ධවී තිබෙනවා. හරිහැටි අවබෝධයක් නොමැතිකම නිසා මෙම විරෝධධතා ඇතිවී තිබෙනවා. මෙම පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණ ගතයුතු වෙනවා'