ශ්රී ලංකාව සහ චීනය අතර තවත් නව ගුවන් සේවාවක් ඊයේ (26දා) ආරම්භ විය. චීනයට අයත් "චයිනා සදර්න් එයාර් ලයින්ස්" නැමති ගුවන් සේවය මෙසේ ශ්රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කළේය.
මේ හරහා කටුනායක සහ චීනයේ ග්වැන්ෂෝ අතර ඍජු ගුවන් ගමන් සිදු කිරීමට අවස්ථාව ලැබෙයි.සතියකට දින 03 ක් ,අගහරුවාදා , බ්රහස්පතින්දා සහ ඉරිදා දින වල මෙම ගුවන් සේවා ක්රියාත්මක වේ.
කටුනායක ගුවන් තොටුපොළට මෙම ගුවන් යානා ළගා වීමෙන් පසු , යළිත් එම යානා මාලේ වෙත ගොස් ආපසු පැමිණීමට නියමිතය. ඉන් පසු එම යානා කටුනායක සිට ග්වැන්ෂෝ බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම ගුවන් සේවය ආසියාවේ පළමු ස්ථානයත්, ලොව ගුවන් සේවා අතර සිව් වැනි ස්ථානයටත් පත්ව තිබේ. ගුවන් සේවය රටවල් 177 ක ගමනාන්ත 1062 ක් කරා සිය ගුවන් සේවා පවත්වාගෙන යයි. ගුවන් සේවය සතුව ලොව පුරා සේවකයින් ලක්ෂයක් සේවයෙහි නිරතව සිටිති.
මංගල ගුවන් යානය ඊයේ සවස 6.15 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය . A -330 - 200 එයා බස් වර්ගයේ ගුවන් යානයක් මේ ස ඳහා පැමිණ තිබූ අතර , එහි මගීන් 257 ක් සහ කාර්යය මණ්ඩලය 17 ක් සමන්විත විය.