හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තවදුරටත් රට නිවැරදි මඟට යොමු කිරීම සඳහා යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහර පිහිටි ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහයුම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“අද මේ මැතිවරණය හොඳ සහ නරක මිනිසුන් අතර පැවැත්වෙන්නක්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර මැතිවණයක්. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිනිය සෑම විටකම සිටියේ හොඳ මිනිසුන් එක්ක. වෙනත් විදියකින් කියනව නම් එතුමිය යහපාලන ආණ්ඩුවත් එක්ක හැමදාම හිටපු කෙනෙක්. අද යහපාලන ආණ්ඩුව තියෙන්නේ එතුමියගේ ප්‍රධානත්වයෙන්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට ගේන්න මූලිකව ක්‍රියා කළේත් එතුමිය. අද වෙනකොටත් රට නිවැරදි මාර්ගයේ ගෙන යාමට එතුමිය යහපාලන ආණ්ඩුවත් සමඟ ඉන්නවා. එතුමියගේ ආශිර්වාදය අපිට තියෙනවා. එතුමිය ඉදිරිකාලයේ ආරක්ෂාව ගැනත්, අනෙකුත් අංශ ගැනත් විශේෂයෙන්ම අපිව අද දැනුවත් කළා" යැයිද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.



