ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන 04 ක් ඉදිකිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2017-10-03 දින කැඳවන ලද ටෙන්ඩරය වහා අවලංගු කර, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා වහාම විද්වත් කමිටුවක් පත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා කොරියානු උපදේශක සමාගමක උපදෙස් ලබාගැනීමට නියමිත අතර, ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 09 ක් වන බවයි.
ඒ අනුව, මුළු ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති ඩොලර් මිලියන 33 ක මුදලින්, උපදෙස් සඳහා කොරියානු සමාගමට මුදල් ගෙවූ පසු ඉතිරි වන මුදල ඩොලර් මිලියන 24 ක් වන බවත්, එහිදී මුළු ව්‍යාපෘති මුදලින් හතරෙන් එකක් (1/4) උපදේශක සේවා සඳහා කොරියානු සමාගට ගෙවීමට සිදු වන බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව, ලොකයේ පිළිගත් ක්‍රමවේද අනුව මුළු ව්‍යාපෘති මුදලෙන් උපදේශන සේවා සඳහා අය කළ හැක්කේ උපරිම 10෴ ක මුදලක් වන අතර, මෙම ව්‍යාපෘතියේ උපදෙස් සඳහා ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 03 ක් වන්නේ නම් ඉතිරි ඩොලර් මිලියන 06 ක මුදල යනු ඇත්තේ කාගේ සාක්කුවටදැයි විතානගේ මහතා ප්‍රශ්න කර සිටියි.