මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිදුකරන පරීක්ෂණවලට අදාළව තමාව අත්අඩංගුවට ගැනිමේ සූදානමක් ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අදාළ තීන්දුව හෙට (29දා) ප්රකාශ කරන බව අභියාචනාධිකරණය සඳහන් කරයි.
පරීක්ෂණවලට අදාළව පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා අභියාචනාධිකරණයේ ඉල්ලා ඇත.
සභාපති එල්.ටී.පී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙය අද (28දා) නිවේදනය කළේය.