ගොතටුව, අයි.ඩී.එච්. ඉන්ධන පිරවුම් හල අසලදී අද (20දා) පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ජීප් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි තබා පලා ගොස් ඇතැයි ගොතටුව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොමැති අතර ජීප් රථයට හානී සිදුව ඇතැයි පොලීසිය පවසයි.
ගොතටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.