නාය යෑමේ දැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ස්ථිර කාර්යාල පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇත.
මේ වනවිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය කොළඹත් එහි තවත් කාර්යාල 9ක් දිස්ත්‍රික්ක 09කත් පිහිටුවා ඇත.
මෝසම් වර්ෂා රටාවේ වෙනස්වීම් හේතුවෙන් ඇතිවන අධික වාර්ෂාව නිසා නාය යෑම් හා බෑවුම් කඩා වැටීමේ අවදානම පෙර ඉහළ ගොස් ඇතිව තිබේ.
මේ අනුව එහි සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව ලබාදිය හැකිවන පරිදි තෝරාගත් දිස්ත්‍රික්ක දෙකක නවීන විද්‍යාගාර පහසුකම් සහිත ස්ථිර කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීමටත්, ඉන් අනතුරුව, අවශ්‍යතාව අනුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද කාර්යාල ඇති කිරීමට ද නියමිතය.