ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ෆාරුක් මහතා ජංගම සන්නිවේදන ක්ෂේත්රයේ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු 2009 - 2017 දක්වා පෑන් ඒෂියා පවර් පී.එල්.සී. සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කර තිබේ.