රුපියල් පන්ලක්ෂ හතලිස් හයදහසක් වටිනා වල්ලපට්ට තොගයක් සමග අද (01දා) අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රුපියල් පනස්දහසක ඇපයක් මත මුදා හැරි බව කටුනායක ගුවන් තොටුපොළ සඳහන් කරයි.
මේවා ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කර ඇති බවට වාර්තාවේ.
අත්අඩංගුවට පත් සැකකරු 27වියේ පසුවන ලාංකික පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් වල්ලපට්ට තොගය රාජසන්තක කිරීමට කටයුතු කර තිබේ.