හෝකන්දරදී අනතුරට ලක්වූ ගුවන් යානයේ ගමන් ගත් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයාද මියගොස් ඇති බවට වාර්තා වීම හේතුවෙනි.
ගුවන්යානය මිදෙල්ල ගසක හැපී තිබෙන බවද හෝකන්දරින් ලැබෙන ආරංචි මාර්ග වලින් පවසයි.
මේ අතර මියගිය අයගෙන් තිදෙනෙක් හඳුනාගෙන තිබෙන බවත් එම වාර්තා පවසයි.