ගුවන්තොටුපළ සේවකයන් වෘත්තීය ක්රියාමාර්ගයකට
තමන්ට මෙතෙක් ලැබෙන ප්රසාද මුදල වැඩි කර දෙන ලෙස ඉල්ලා ශ්රීලංකා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සේවකයන්, වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
අර්ජුන රණතුංග මහතා සිවිල් ගුවන් සේවා ඇමතිව සිටි සමයේ සේවකයන්ට රුපිලයක් ලක්ෂයක උපරිමයකට යටත්ව බෝනස් මුදල වැඩි කළ හැකි බවට එකල පත් කර තිබූ අධ්යක්ෂ මණ්ඩය විසින් සේවකයන් වෙත සඳහන් කර තිබී ඇති අතර එය පදනම් කරගෙන මෙම වෘත්තීය ක්රියාමාර්ගය දියත් කරන බව පවසයි.
මේ අතර 2015 වසරට සාපේක්ෂව 747% ක ලාබයක් ලෙස, රුපියල් බිලියන 6.9 ක් 2016 වසරේ ගුවන්තොටුපොළ හා සේවා සමාගම උපයා ඇති බව ගුවන්තොටුපොළ හා සේවා සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති වර්ණසිරි මුහන්දිරම් මහතා පැවසීය.
ඒ අනුව සමස්ත සේවකයන් සමාගමට උපයා දුන් ලාබය වෙනුවෙන් එක් සේවකයකුට රුපියල් ලක්ෂයක සේවක කොටස ඉල්ලා සිටින බව ඒ මහතා පවසා සිටියේය.
පාලනාධිකාරිය මේ පිළිබඳව යහපත් ප්රතිචාර නොදෙන්නේ නම් ගතහැකි සියලු ක්රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
අංජන ශ්රී කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


