සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් නියෝජනය කරනා වෘත්තීය සමිති 15 ක් 21 වැනි දින ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ නිසා 21 වැනි දින පාසල් පද්ධතියේ වැඩකටයුතු අඩපණ වන බවත්, සයිටම් ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවට දිනෙන් දිනම ප්‍රමාද කරන නිසා මෙම වැඩවර්ජනය දියත් කරන බවද පවසා සිටියේය.
ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එක්ව අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
සයිටම් ගැටලුව මුල් කරගෙන වෛද්‍ය ශිෂ්‍යයන් පන්ති වර්ජනයක නිරත වී සිටින නිසා වෛද්‍ය විද්‍යාලවලට තේරීපත් වූ උසස් පෙළ සමතුන්ටත් දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද පවසා සිටියේය.