ගැඹුරු ශාන්ත මුහුද තුළ භයංකාර දියවැල් යටින් ඇති බවට සියලු දෙනාටම සැකකළ හැකියැයි පළාත් පාලන මැතිවරණය කල්යෑම සම්බන්ධයෙන්අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (09දා) පැවසීය.
බැලූ බැල්මට මුහුද ශාන්ත බව පෙනීමට තිබුණද, එය යටින් කුමන දිශාවට දියවැල් ගමන් කරන්නේදැයි කිසිවෙකුට පැවසිය නොහැකි බව කී කොමසාරිස්වරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කොමිෂන් සභාවටකළ හැකි සියලු දේ සිදුකර තිබෙන බවත්, පළාත් පාලන අමාත්‍යාංශය, විෂය භාර ආමත්‍යවරයා, පාර්ලිමේන්තුව ඇතුළු අදාළ සියලුම පාර්ශ්ව ඒ සඳහා කඩිනමින් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව තිබෙන බවත් කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය කල්යෑම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා,
"කල්දාන එක ගැන මට මෙහෙම කියන්න පුළුවන්,තේරුම්ගන්න පුළුවන් විදියට ටිකක් ගැඹුරින්.බැලූ බැල්මට විද්‍යමාන වන පරිදි මෙය කල්දැමීමේ අවශ්‍යතාවකින් කවුරුවත් ක්‍රියාකරන බවට නිශ්චිත ප්‍රකාශයක් කොමිෂන් සභාවට නිකුත් කළ නොහැකියි.
එසේ වුවත් ගැඹුරු, ශාන්ත මුහුද තුළ භයංකාර දියවැල් යටින් ඇති බවට සියලු දෙනාටම සැකකළ හැකි බව පමණක් කොමිෂන් සභාවේ මතය වෙනවා.ඕනෑම ශාන්ත මුහුදක භයංකාර දියවැල් නැහැ කියලා කාටවත් කියන්න බැහැ.
බැලු බැල්මට මුහුද ශාන්තයි.මුහුණතින් බැලුවාම බැලූ බැල්මට අපට පේනවා මුහුද ශාන්තව තිබෙනවා.නමුත් යටින් දියවැල් කොයි අතට ගමන් කරනවාද කියන එක කවුරුවත් දන්නැහැ.ඒ පිළිබඳ නිශ්චිතව කියන්න පුළුවන් මුහුදට බැහැලා බලලා තමයි"