මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයන් රජයේ වෛද්‍යවිද්‍යාලවලට බඳවාගන්නා ලෙස ඉල්ලමින් සයිටම් දෙමාපිය සංවිධානයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සංගමය සයිටම් ආයතනයට හෝ එහි ඉගෙනගන්නා සිසු සිසුවියන්ගේ දෙමාපියන්ට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව එම නිවේදනයේ දැක්වෙයි.
එය හුදෙක්ම ගැමුණු විජේරත්න මහතා සිය පෞද්ගලික අදහස් දක්වන සංවිධානයක් මිස දෙමාපියන් බහුතරයක් නියෝජනය කරන සංවිධානයක් නොවන බවද ඔවුහු පවසති.
එසේම එම සංවිධානය සිදු කරන කිසිදු ප්‍රකාශයක් සම්බන්ධයෙන් සයිටම් ආයතනන කිසිදු වගකීමක් නොදරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.