දුම්රිය වෘත්තීය සමිති මුහුණ දී ගැටලු විසඳීම සඳහා තමා උපරිම ලෙස දායකත්වය ලබාදුන් බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වෘත්තීය සමිති වර්ජන අවසන් කර සාකච්ඡා මට්ටමින් ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන ලෙසද ඔහු සඳහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කරුණු පැහැදිලි කළ බවයි.