ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහිත භූමිය ගාල්ල මහනගර සභාව සතු කර ගැනීමට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව න්‍යාය පත්‍රයෙන් වහාම ඉවත් කරන ලෙසත් එවැනි යෝජනාවක් නොලැබුණු ලෙස සලකන ලෙසත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පෙරේදා (17දා) මෙම රැස්වීම පැවැත්වුණි.
ගාල්ල නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණු නමුත් ඔහු මෙම රැස්වීමට සහභාගිව නොසිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
“ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන්නේ නගර සභාව සතු දේපොළක්, ඒක ආයෙත් පවරා ගන්න අවශ්‍යතාවක් නැහැ. මේක වෙනත් යටි අරමුණක් ඇතිව ගෙනාපු යෝජනාවක්. ක්‍රීඩාංගණයේ නීති විරෝධී විධියට හදපු ගොඩනැගිලි වලට යුනෙස්කෝවෙන් නඩු දාන්න යනවා. ඒ නිසා මේක ක්‍රිකට් ආයතනයට අයිතියි කියලා පෙන්වන්න ගෙනාපු යෝජනාවක් වෙන්න ඕන.
මේක ක්‍රිකට් පාලක මණ්ඩලයට බදු දීලා තියෙන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලය අනවසර ලෙස ගොඩනැගිලි හදනකොට නගර සභාව බලාගෙන හිටියා. ඒවට නඩු දාන්න නගර සභාවට බැරි වුණා. දුප්පත් මිනිස්සු හදන ඒවට නඩු දැම්මට මේවට නඩු දැම්මේ නැහැ. මේකෙ තියෙන්නේ හොරට හදපු ගොඩනැගිලි. මේ යෝජනාව අනවශ්‍ය දෙයක්. මේක න්‍යාය පත්‍රයෙන් අයින් කරන්න. මෙවැනි යෝජනාවක් නොලාබුණා සේ සලකන්න"