ගාල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවූ අධික සුළං තත්ත්වයෙන් නිවාස 25කට හානි සිදුවී බඩ ඉරිඟු වගා අක්කර 200ක් හා රබර් වගා අක්කර 20ක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගාල්ල මීපේ ප්‍ර‘දේශයේ ඇති වූ සුළං තත්ත්වය නිසා නිවාස 02 කට සම්පූර්ණයෙන්ම හානි සිදුවී නිවාස 18 කට අර්ධ හානි සිදුව තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව මොණරාගල බිබිල පොලිස් වසම්හි සිදුවූ සුළං තත්ත්වය නිසා බඩ ඉරිඟු වගා අක්කර 200කට සහ රබර් වගා අක්කර 20කට හානි සිදුව තිබෙන බවත්නිවාස 05කට අර්ධ හානි සිදුව තිබෙන බවදඔහු පවසා සිටියේය.