ගාල්ල පොලිස් වසමේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ප්රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පනවා ඇත. වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට (නැගෙනහිර හා බටහිර) පියඳිගම, කුරුඳුවත්ත යන ප්ර දේශවලට මෙසේ ඇඳිරිනීතිය පනවා ඇත.
එය අද (18දා) පෙරවරු 9.00 දක්වා ක්රියාත්මක වෙයි. ගිංතොට ප්ර දේශයට පිටතින් පැමිණි පුද්ගලයන් විසින් එහි වැසියන්ට පහරදීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබේ.
සිද්ධියට අදාළව සැකකරුවන් 7ක් අත්අඩංගුවට ගෙන ඇත. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියේ 200ක් හා විශේෂ කාර්ය බළකායේ 100ක්ද එම ප්රදේශවලට යොමුකර ඇත.