ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, කොග්ගල හා මාදුගඟ ආදී ප්‍රදේශවල සිටින කිඹුලන් අල්ලා සුදුසු ප්‍රදේශයක කිඹුල් උද්‍යානයක් සකස් කළ යුතු බව ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද (25දා) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීය.
සංචාරක කර්මාන්තය සඳහා කිඹුලන් යොදාගත හැකි බව පැවෂූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “කොග්ගල දැනට කිඹුලන් 65ක් විතර ඉන්නවා. කිඹුලන් කිහිපදෙනෙක් සපා කා මරාදමා තියෙනවා. මේ කිඹුලන් අල්ලා ගන්න පියවර ගන්න. මාදුගඟ ආශ්‍රිතවද කිඹුල් ගහනය වැඩිවෙලා තියෙනවා. ඒ නිසා ගාල්ලට කිඹුලන් සඳහා සුදුසු පරිසරයක් ඇති කරන්න.
මේ අනුව, කිඹුල්ලු අල්ලාගෙන ගොස් එම ස්ථානයට ගාල්කරන්න. සංචාරක ව්‍යාපාරයක් ගාල්ලේ තියෙන නිසා මෙය නම් කරන්න 'කිඹුල් පාක්' කියලා. එවිට මේ සතුනුත් බේරෙනවා. සත්ත්වයන්ට හිංසාවකුත් නැහැ. ජනතාවට හානියකුත් නැහැ. සංවර්ධනයත් සිදුවෙනවා” යනුවෙනි.
නිමල් අල්ගෙවත්ත