පොලිස් නිලධාරීන්ට වැටලීම් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා අදාළ පුද්ගලයන්ට සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට හැකියාවක් ඇති බවට ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා විත්තියේ විරෝධතාව නිශ්ප්‍රභා කරමින් තීන්දුවක් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය අද (30දා) සඳහන් කළේය.
ගල්ගමුව පොලීසිය මගින් නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩු අංක 12502, 8956, 13618 දරන නඩු සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් සුරාබදු ආඥා පනත ප්‍රකාරව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, ගෝඩා සම්බන්ධයෙන් වැටලීම් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා නඩු කටයුතු පවත්වාගෙන යෑමට පොලීසියට බලය නොමැති බවට ගෙනෙන ලද මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
මේ අනුව මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් අද පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා හා සහකාර පොලිස් අධිකාරී නීතිඥ දර්ශන ගාල්ලගේ මහතා යන අය ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කර ඇත.