ගල්කිස්සේ නිවසක රඳවා සිටි රෝහින්ග්‍යා සරණාගතයන්ට විරෝධය පෑමේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් පිරිස් හඳුනා ගැනීමට රූපවාහිනී දර්ශන පරීක්ෂා කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
ඒ සඳහා අධිකරණ අවසරය ලබාගැනීම සඳහා අධිකරණයෙන් අද (29දා) කළ ඉල්ලීමට අවසරය ලැබී ඇත.
අදාළ ස්ථානයේ රැඳීසිටි පොලිස් නිලධාරීන්ගේ හා අවට සිටි පුද්ගලයන්ගේ ප්‍රකාශවලට අනුව ස්වාමීන් වහන්සේලා කිහිපදෙනෙකු හා සාමාන්‍ය පුද්ගලයන් කිහිපදෙනෙකු හඳුනාගෙන තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අපරාධ ඒකකයට නියෝග කිරීමටත් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.