ගනේවත්ත දැරිය පැහැරගැනීම පිළිබඳව අයෙක් අත්අඩංගුවට
ගනේවත්ත අඹකොළවැව පමාරා කේශනී බණ්ඩාර නමැති සිවු හැවිරිදි දැරිය පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවීම පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට ඊයේ (10දා) කුරුණෑගලට පැමිණ සිටියි.
සුගිය 09 දින අලුයම නිවසේ නිදා සිටි මෙම දැරිය කිසියම් පිරිසක් විසින් දෙමවුපියන්ට නොදැනෙන ආකාරයට නිවසෙන් රැගෙන ගොස් තිබූ අතර ඇය රැගෙන ගියේ කුමන හේතුවක් නිසා දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ නිවසට පසුගිය කාලයේ ආගිය බව කියන වැලිමඩ ප්රදේශයේ පදිංචි කපුවෙකුද ඊයේ (10දා) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට ඔහුට අමතරව තවත් සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන්ම පොලීසිය ප්රශ්නකර තිබෙන බව වාර්තා වේ.
දැරියගේ මවගෙන් ඊයේ දිනයේ ප්රශ්න කර ඇගෙන් ප්රකාශයක් ලබාගැනීමටද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන වැල්ලව පොලීසිය කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
