ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කැඳවා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිටත් දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා වේ.
වර්ජනය සැලවීමත් සමග පෙරේදා (24දා) රාත්‍රියේ පටන් පැවති දැඩි ඉල්ලුම සපුරාලීම හේතුවෙන් ඉන්ධන තොග අවසන් වීමෙන් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම් හල් රැසක් ඊයේ (25දා) දවහල් වන විට වසා දමා තිබුණි.
එසේ වසා දැමුණු ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසා තිබුණේ බොහෝ රථ වාහන හිමියන් ටැංකි පිරෙන්නම (ෆුල් ටෑන්ක්) ඉන්ධන ලබාගැනීම හේතුවෙන් ඉන්ධන තොග අවසන්ව තම පිරවුම්හල වසාදැමීමට කටයුතු කළ බවයි.
මේ අතර, ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර ඊයේ (25දා) පස්වරුවේ පැවති සාකච්ඡාවද අසාර්ථක වී ඇත.
එම සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුකරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කර තිබේ.
මෙහිදී, වැඩවර්ජනය අත්හැර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි අමාත්‍යංශ ලේකම්වරයා සහ ඛණිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් කර තිබූ යෝජනාව, ඛණිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයන් එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති අතර, එසේ වර්ජනය අවසන් කළ හැකි වන්නේ ජනාධිපතිවරයා ලබාදෙන විසඳුම පිළිගත හැකිනම් පමණක් යැයිද වෘත්තීය සමිති නායකයන් ලේකම්වරයාට සහ සභාපතිවරයාට දන්වා යවා ඇත.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
