මවක හා දරුවන් දෙදෙනකු ත්රිකුණාමල කෝනේෂ්වරම් කොටුවේ දී මුහුදට වැටී ඇති අතර යුද හමුදාව ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කර ඇති නමුත් ළමයින් දෙදෙනා මිය ගොස් ඇති බව වාර්තා වේ.
ත්රිකුණාමල රෝහලේ ප්රතිකාර ලබන මව සදහන් කලේ තම දුවත් පුතත් ලිස්සා වැටෙද්දී ඔවුන් බේරා ගැනීමට උත්සාහා කල බවයි.කෝනේෂ්වරම් ගල හා මුහුද අතර පරතරය අඩි 75ක් පමණ වන අතර දරුවන් දෙදෙනා ගලක හැපී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.