කෝටි දෙකහමාරක කේරල ගංජා යාපනයෙන්
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් යාපනයට රැගෙනවිත් කොළඹට බෙදාහැරීමට සැලසුම් කොට තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික කේරල ගංජා කිලෝ 134 ක් යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද(20 දා) අත්අඩංගුවට ගෙන ඇත.
කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන් පේදුරුතුඩුව උතුරු මුහුදේ සෝදිසි මුරසංචාරයේ යෙදුනු අවස්ථාවේදී ධීවර යාත්‍රාවක් ලෙසින් පැමිණ ඇති අදාල යාත්‍රාව සම්බන්ධයෙන් සැක පහල වී පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
අදාල ස්ථානයට මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීණ් ගොස් යාත්‍රාවේ තිබූ රුපියල් දෙකොටි හැට ලක්ෂයක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 134 ක් සැකකරුවන් 5 දෙනෙකු සමග යාත්‍රාවද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙනවිත් ඇති අතර කේරල ගංජා කිලෝ 101 ක් යාපනය මනර්කාඩු ප්‍රදේශයේ පදිංචි සැක කරුවන් තිදෙනෙකුගේ වන අතර අනෙක් කේරල ගංජා කිලෝ 33 අයත් සැකකරුවන් දෙදෙනා යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන බවට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කියා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

