කොළඹ 4කගේ මසක වියදමට රු 60364 ඕනෑ
ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නොමැතිවීම නිසා ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 155ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ හරහා සමස්ත පාරිභෝගික භාණ්ඩ සියල්ලේම මිල ඉහළ ගොස් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ අනුව මේ වසරේ ජූලි 02 වැනිදා වනවිට කොළඹ නගරය තුළ ජීවත්වන හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් 60,364ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන බවද එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
මීට අමතරව අනෙකුත් ප්‍ර‘දේශවල හතර දෙනෙකුගෙන් යුත් පවුලක් ජීවත්වීම සඳහා මාසයකට රුපියල්43,000කට වැඩි මුදලක් අවශ්‍ය බවට පෙන්වා දී තිබෙන බවත්, එහෙත් මෙම මුදලට වඩා වැඩි මුදලක් සැබෑ ලෙසම වියදම් වන බවත් අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
ගෙවීගිය කාලයේදී රතුලූනු කිලෝවක මිල 141%කින් ඉහළ ගොස් තිබෙන බවත්, ටින්මාළු මිල 17%කිනුත්, සහල් මිල 36%කිනුත්, සබන් මිල 21%කින් සහ හාල්මැස්සන් මිල 21%කින් ඉහළගොස් තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


