විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සිදුවන විදුලි විසන්ධි වීම හේතුවෙන් කොළඹ හා අවට ප්‍රදේශවල 30 වැනි ඉරිදා පැය 11ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව කැලණිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බලප්‍රදේශය, වත්තල නගර සභා හා වත්තල ප්‍රාදේශීය සභා හා ආයෝජන කලාප බලප්‍රදේශය, මහර ප්‍රාදේශීය සභා, ජාඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල, ජා ඇල නගර සභා, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජලය අත්හිටුවීම සිදුවේ.
30 වැනි ඉරිදා උදේ 08.00 සිට සවස 07.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවද ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.