වයිෆයි අන්තර්ජාල පහසුකම ලබාදීමේ යන්ත්‍ර 200ක් ඉදිරියේදී කොළඹ නගරය පුරා ස්ථාපිත කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගාලුමෝදර පිටියේදී ඊයේ (25දා) එසේ ස්ථාපිත කළ එක් යන්ත්‍රයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
'' මේ වන විට රටේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රමාණය රටේ ජනගහණයට වඩා විශාලයි. එයින් පෙනී යන්නේ නම් අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව විශාල ඉල්ලුමක් රටේ ඇතිව ඇතිව තිබෙනවා. අන්තර්ජාල පහසුකම් සම්බන්ධ බදු අඩු කිරීම අන්තර්ජාල පහසුකම ලබාදීමේ වැඩසටහනේ එක් පියවරක්.
දෙවනුව මෙවැනි අන්තර්ජාල පහසුකම් ලබාදෙන යන්ත්‍ර දිවයින පුරා ස්ථාපිත කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම එළඹෙන වසරේ මාර්තු, අප්‍රේල් මාස වන විට අපේ රටේ උසස් පෙළ හදාරන සියලුම දරු දැරියන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙනවා” යැයිද පවසා සිටියේය.