කොස්ලන්දේ අවතැන් සැමට නිවාස - ගොඨාභය
නායයාමට ලක්වූ කොස්ලන්ද මීරියබැද්ද ගම්මානයේ අවතැන් වූවන් සියලු දෙනා සඳහා කඩිනමින් නිවාස ඉදිකර පවරා දෙන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18දා) එම ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ලබාගෙන නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම නිවාස ඉදිකිරීම සිදුකරන බවත්, එම ප්‍ර‘දේශයේ අනෙකුත් පොදු කටයුතුවලදී රජයේ සහයෝගය ලබාදීමට සෑමවිටම කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙම ව්‍යාපෘතිය යටතේ අවතැන්වූ පවුල් සඳහා වර්ග අඩි 526 කින් යුතු නිවාස 75ක් ඉදිකරන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා එක් නිවසකට රුපියල් මිලියන 1.2 බැගින් සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 130ක් වැයකිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
ඊයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිය කෙටි කලකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය. එම අවස්ථාවට අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසක් සහභාගීවූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

