විශේෂ කොරියානු ධීවර විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 02 දින නිකුත් කරන බවත්, ඉන් සමත් වන ශ්‍රී ලාංකිකයන් 50%කට අධික පිරිසකට රැකියා ලබාදීමට කොරියානු රජය බලාපොරොත්තු වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නීතිඥ හරිස්චන්ද්‍ර බටගොඩ මහතා පැවසීය.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා පැවැත්වූ විශේෂ කොරියානු ධීවර විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk යන වෙබ් අඩවියෙන්ද ලබාගත හැකිය. මේ සඳහා අයදුම්කරුවන් 2220 ක් පෙනී සිටියහ.