2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂය තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වගිය ශ්‍රමිකයන් සංඛ්‍යාව 32%කින් වර්ධනය වී ඇතැයි විදේශ රැකියා ඇමතිනීතලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව පසුගිය වසරේ කොරියාව බලා පිටත්ව ගිය ශ්‍රමිකයන් සංඛ්‍යාව 6629ක් වන අතර, 2015දී එම ප්‍රමාණය 5007කි. මේ වනවිට 35,000කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් දකුණු කොරියාවේ සේවය කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
තවදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ පසුගිය වසරේ එරට කම්කරු අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් වැඩි රැකියා ප්‍රමාණයක් ලාංකික ශ්‍රමිකයන්ට උරුමකර දීමට හැකිවූ බවයි. එතුළින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකි බවද ඇය සඳහන් කළාය.