නියගයෙන් පීඩාවට පත් ජනතාවට ලබාදීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය පරිත්‍යාග කරන ජල බවුසර් 08 ක් ඇතුළු සහනාධාර ශ්‍රී ලංකා රජයට භාරදීම අද(28දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
දෙරට අතර හතළිස් වසරක තානාපති සබඳතා සමරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ නායක හොන්ග් මූන් ජොන්ග් (Hong Moon - jong) සහ යූ කී ජූන් (Yoo Ki-june) යන මහත්වරුන් විසින් මෙම ජල බවුසර්වල යතුරු සංඛේතාත්මකව ජනපතිවරයා වෙත භාර දීම සිදුකෙරිණි.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ හිටපු අධ්‍යකෂවරයා සහ වර්තමාන අධ්යක්ෂවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.