කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව පීඨය ලෙස උතුරු පීඨය හි ඉදිකිරීම් කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති (ආරක්ෂක හා පරිපාලන) මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පැවසීය.
ඊට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු උතුරු පළාතේදී නව පීඨය ඉදිකරන බවද කුලතුංග මහතා පවසා සිටියේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සතුව දිවයින පුරා පීඨ 09 ක් දැනට තිබෙන බවද හෙතෙම පැවසීය
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (10දා) පෙරවරුවේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරිණ.