එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී වළදමා ඇති බෝම්බ ගොඩගෙන එහි අඩංගු ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ධීවරයන්ට සහ වෙනත් පුද්ගලයන්ට විකුණා දමන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික නිලංග ජූඩ් ඇන්තනී පොලීසියට අවශ්‍ය සැකකරුවෙකු බවත්, මේ නිසා මොහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් ළඟම පොලීසියට හෝ 011 2451636 ට හෝ 0112451634 දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එල්.ටී.ටී.ඊ. යුද සමයේදී පුපුරණ ද්‍රව්‍යය සම්බන්ධයෙන් කටයුතු කර ඇති මොහු විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමා ඇති බෝම්බ ගොඩගෙන එහි කොටස් ධීවරයන්ට සහ විවිධ පුද්ගලයන්ට විකුණන බවට තොරතුර ලැබී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මොහු සමග එම කටයුත්තේ නිරත එක් පුද්ගලයෙකු මඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
1986 වසරේදී උපත ලබා ඇති මොහු ගුණසේකර මුදියන්සේලාගේ නිලංග ජූඩ් ඇන්තනී ලෙස හඳුන්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.