රුපියල් කෝටියක මුදල් සමග සිය පුතා අතුරුදන්වූ බවට දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන මොහොමඩ් නස්රින් නැමැති ව්‍යාපාරිකයාගේ පියා පොලීසියට පැමිණිලි කළත් ව්‍යාපාරිකයා සන්තකයේ තිබී ඇත්තේ රුපියල් 50000ක මුදලක් බව පොලීසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා පසුගිය ඉරිදා දිනයේ සිට අතුරුදන් බවට ඔහුගේ පියා පොලීසියට පැමිණිලි කළේය. කෙසේ වෙතත් ඔහු හල්ඳුම්මුල්ල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් ණය වී ඇති බවද පොලීසිය කළ පරීක්ෂණවලදි අණාවරනය වී තිබේ.
.jpg)