කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවෙයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් සැකකරන භූගත බංකරයක් ආරක්ෂක අංශ විසින් කිලිනොච්චිය අරසන්කේනි ප්රදේශයේදී සොයා ගනු ලැබ තිබේ.
අරසන්කේනි ප්රදේශයේ නැවත පදිංචි පුද්ගලයෙකු විසින් තම ඉඩම පරික්ෂා කිරීමේදී අදාළ භූගත බංකරය දැක තිබේ. ඉන් පසු ඔහු විසින් මේ පිළිබඳව ප්රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි හමුදා සෙබළුන් පිරිසක් අදාළ ස්ථානයට පැමිණ බංකරය පරීක්ෂා කොට ඇත.
කොටි සාමාජිකයන් විසින් යුද සමයේදී ආරක්ෂක අංශ ප්රහාරවලින් බේරීමට මෙම බංකරය අඩි 35ක් තරම් වූ ගැඹුරකට කපා එහි උඩ කොටස ඝන කොන්ක්රීට් තට්ටුවකින් වසා ඇති බවට මෙහිදී අනාවරණය වී තිබේ.
මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද යුද හමුදා නිලධාරීහු සැක පළ කරති. මෙම භූගත බංකරය ඉදිරියේදී විනාශ කර දැමීමට පියවර ගන්නා බවටද යුද හමුදා නිලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


