කොළඹ, කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්රචාරනයේ යෙදී සිටි පිරිසකට නාදුනන කණ්ඩායමක් විසින් කළ වෙඩි තැබීමක් පිළිබඳ විමර්ශන කටයුතු රහස් පොලීසියට පවරා තිබේ. එමෙන්ම මේ පිළිබඳ ව දැනටමත් කීප දෙනෙක් ගෙන් ප්‍රශ්න කොට ඇති බව පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ.