කොටගල ක්රේම්බීජ් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරු සහායකයෝ පිරිසක් විරෝධතාවක
හැටන්, කොටගල ක්රේම්බීජ් ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන ගුරු සහායකයෝ පිරිසක් අද (23දා) උදෑසන එම ගුරු අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක නිරත වූහ.
එම ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසර තුනක කාලයක් පුහුණුව ලබමින් සිටින ගුරුවරු 650 දෙනෙක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.
මීට වසර දෙකකට ප්‍රථම තමන්ව රුපියල් හයදහසේ වැටුපට බඳවා ගත් අතර, පසුව රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් දසදහසක මුදලද සමග රුපියල් 16,000ක වැටුපට තමන් ගුරු සහායක තනතුරේ සිටිමින් අධ්‍යාපන කටයුතු සිදුකරන අතරතුර ගුරු පුහුණුවීම්ද ලබන බවත්, තමන්ව ගුරු නිත්‍ය සේවයේ තනතුර සඳහා බඳවා ගන්නා ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
මෙහිදී විරෝධතාකරුවන් හමුවට පැමිණි ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කනපති කනගරාජ් මහතා අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



